Tuesday, March 12, 2013

The Salvation army 130th Anniversary - Visit Prime minister 2013.02.02





ගැලවීමේ හමුදාව ශ්‍රී ලංකාවේ පිහි‍ටුවා වසර 130ක් පිරීම නිමිත්තෙන් ගැලවීමේ හමුදාවේ ලෝක නායක සහ ජගත් මහ නායක ජනරාල් ලින්ඩා බොන්ඩ් තුමිය ඇතුළු දෙස් විදෙස් දූත පිරිසක් අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න මැතිතුමා හමුවිය.
විසුම්පාය අග්‍රාමාත්‍ය නිල නිවසේදී මෙම දූත පිරිස අග්‍රාමාත්‍යතුමා හමුවූ අතර එහිදී ගැලවීමේ හමුදාව ශ්‍රී ලංකාවේ ඉටුකළ කාර්යය භාරයන් පිළිබව එම පිරිස අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළේය.
ශ්‍රී ලංකා ගැලවීමේ හමුදාවේ පරමාර්ථ සහ ඉටු කළ කාර්යයන් සම්බන්ධයෙන් පැවසූ ලෝක නායක සහ ජගත් මහ නායක ජනරාල් ලින්ඩා බොන්ඩ් තුමිය, යුද්ධය පැවැති කාලයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල මහජන අභිවෘද්ධිය සහා මහත් කාර්යයභාරයක් සිදු කළ බව පැවසුවාය.  සිය මහජන මෙහෙවර සහා ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු සහයෝගය නිරතුරුවම අගය කරන බව කී ලෝක නායක සහ මහ ලේකම්තුමිය තව දුරටත් සිය සේවා ශ්‍රී ලංකාවේ සිදු කරන බව පැවසුවාය.
යුද්ධයෙන් අනතුරුව සියල්ලන්ටම සාමයෙන් ජීවත්විය හැකි වාතාවරණයක් උදාවී ඇතැයි පැවසූ එතුමිය ශ්‍රී ලංකාවට ආසියාවේ දියුණු රටක් වශයෙන් ඉදිරියට පැමිණීමේ හැකියාවක් තිබෙන බවද සහන් කළාය.
වර්ෂ 1883දී ආරම්භ කළ ශ්‍රී ලංකා ගැලවීමේ හමුදාව මේ දක්වා කළ කාර්යයන් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් තැපැල් කවරයක් එළිදැක්වීම ද මේ අවස්ථාවේදී සිදුවිය. එම සමරු තැපැල් කවරය ගැලවීමේ හමුදාවේ ලෝක නායක සහ ජගත් මහ නායක ජනරාල් ලින්ඩා බොන්ඩ් තුමිය, අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න මැතිතුමාට පිළිගැන්වූවාය.
ලෝක නායක සහ ජගත් මහ නායක ජනරාල් ලින්ඩා බොන්ඩ් තුමිය සමග මේ අවස්ථාවට ගැලවීමේ හමුදා ශ්‍රී ලංකා ප්‍රාදේශිකය භාර කොමිෂනර් මැල්කම් ඉදුරුවගේ දේවගැතිතුමා, ප්‍රාදේශීය කාන්තා සේවා සභාපතිනි කම්ෂනර් අයිරින් ඉදුරුවගේ දේවගැතිතුමිය, ක්‍රිස්තියානි කටයුතු පිළිබ ජනපති උපදේශක සරත් හෙට්‍ටිආරච්චි පියතුමා, තැපැල්පති රෝහණ අබේරත්න මහතා, මුද්දර කාර්යංශයේ අධ්‍යක්ෂ ටී.ශ්‍රී හරන් මහතා ඇතුලු පිරිසක් සහභාගීවූහ.
2013 පෙබරවාරි මස 02 වන දින

No comments:

Post a Comment