Thursday, March 21, 2013

Prime minister visit Gampaha Pahalagama pirivena- Ven Gettepala wimalarathana thero 2013.03.21

සියම් මහා නිකායේ කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක, අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත, අතිපූජ්‍ය ගැට්ටේපොළ ශ්‍රී විමලරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ දේහයට අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා අද (21) අවසන් ගෞරව දැක්වීය.

ගම්පහ, පහළගම, විද්‍යාරවීන්ද්‍ර මහ පිරිවෙනෙහි මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති උන්වහන්සේගේ දේහයට අග්‍රාමාත්‍යතුමා අවසන් ගෞරව පුද කළහ.

වර්ෂ 1910 ජනවාරි මස 10 දින මහනුවර, යටිනුවර ප්‍රදේශයේ උපත ලබා, 1926 ඔක්තෝබර් මස 22 දින පැවිදි දිවියට පත් උන්වහන්සේ, සිංහල, පාළි, සංස්කෘත ආදී භාෂාදියෙහි හසල දැනුමෙන් යුත් සඟරුවනකි. වර්ෂ 1956 දී රාජකීය පණ්ඩිත උපාධිය හිමිකර ගත් උන්වහන්සේ, 1986 දී කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ, ගම්පහ ප්‍රදේශයේ උප ප්‍රධාන සංඝනායක පදවිය ද, 1990 දී ප්‍රධාන සංඝනායක පදවිය ද හෙබවීය.

1997 දී අනුනායක පදවියට පත් අතිපූජ්‍ය  ගැට්ටේපොළ ශ්‍රී විමලරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, වර්ෂ 2002 සිට මේ දක්වා කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක පදවිය හෙබවීය.

උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය 24 වන ඉරුදින පස්වරු 2.30 ට ගම්පහ නගර සභා පිටියේ දී පැවැත්වේ.



No comments:

Post a Comment