බලවත් විදෙස්
රටවල ආධිපත්‍ය හමුවේ දණින් වැටීම ශ්‍රී ලංකාවේ විදේශීය ප්‍රතිපත්තිය නොවන බව අග්‍රාමාත්‍ය
දි.මූ.ජයරත්න මැතිතුමා පවසයි. තිස් වසරක් තිස්සේ පැවැති ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ගෙන ගිය අරමුණට කුමන
බලවේග එල්ලවුවද ජාත්‍යන්තරය හමුවේ කිසිසේත්ම දණ නොනැමූ රජය ඉදිරියේදීත් කිසිදු
අවස්ථාවට කිසිදු බලවේගයටක දණ නොනමන බව අග්‍රාමාත්‍යතුමා කියා සිටියේය.
වාල්මිකී -
රාමායන පුරාණය අනුව වසර හාරදහසක් පැරණි පෞඩ ඉතිහාසයකින් සමන්විත අප රට කිසිදු දිනක
අධිරාජ්‍යවාදීන්ට ගැතිවී නිවට තත්ත්වයට පත් නොවීය. ශ්‍රී ලංකාව, ලොව හුදකලා රටක්
නොවන බවත් සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් ඇතුළු මෙරට ජීවත්වන සියළු ජාතීන්
විදේශිකයන් සමග සුහදව කටයුතු කිරීමට නිරතුරුවම සූදානම් බවත් අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේය.
මහනුවර පල්ලකැලේ
ඉදිකළ බෝගම්බර - දුම්බර බන්ධනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ඉකුත්දා (25) පස්වරුවේ, ප්‍රධාන
ආරාධිතා වශයෙන් සහභාගීවෙමින් එතුමා මේ බව පැවසීය.
නගර මධ්‍යයේ ඉදකර
ඇති බන්ධනාගාර ඉන් විතැන් කිරීමේ ජාතික වැඩපිළිවෙල යටතේ බෝගම්බර බන්ධනාගාරය
පල්ලකැලේ ප්‍රදේශයට රැගෙන යාම සිදුකෙරිණි. ප්‍රථම අදියර යටතේ රුපියල් මිලියන 870ක
වියදමින් අක්කර 10ක භූමි වපසරියකින් යුතු නව බෝගම්බර - දුම්බර බන්ධනාගාරයේ පිරිමි
රැදවුවන් 2500ක් සහ කාන්තා රැදවුවන් 350ක් රැඳවීමට අවශ්‍ය සියළු පහසුකම්වලින් සමන්විතය. නව
බන්ධනාගාරය ආපනශාලාවක්, රෝහල, ළදරු උද්‍යානයක්, ඖෂධ ගබඩාව සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන
සංකීර්ණයකින් ද එය සමන්විතයි.
බෝගම්බර
බන්ධනාගාරයට පැමිණි අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න මැතිතුමා, පුනරුත්තාපන හා බන්ධනාගාර
ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මැතිතුමා ඇතුළු සම්භාවනීය ආරාධිතයන්
ජාතික, පළාත් සහ බන්ධනාගාර ධජ එසවීමෙන් අනතුරුව ගරු අග්‍රාමාත්‍යතුමා අතින් සමරු
ඵලකය නිරාවරණය කොට පීත්ත පිටිය කපා නව බන්ධනාගාරය නිල වශයෙන් විවෘත කෙරිණ.
මල්වතු පාර්ශවයේ
කාරක සංඝ සභික මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත, අලුත්ගම ශ්‍රී ධම්මානන්ද හිමිපාණන් සහ
සර්ව ආගමික පූජකවරුන් මෙහෙයවූ ආගමිකවතාවත් වලින් අනතුරුව ආරම්භවූ උත්සව සභාව ඇමතූ,
අග්‍රාමාත්‍යතුමා එහි දී මෙසේ ද පැවසීය.
ශ්‍රී ලංකාව සෙසු
රටවල් සමග මිත්‍රශිලීව කටයුතු කරනවා. අභ්‍යන්තරික වශයෙන් අප අතර මතුවන අනවබෝධ
තත්ත්වයන් ඉතා කඩිනමින් නිරාකරණය කර ගැනීමට අපට හැකියාව තිබෙනවා. අප කිසිදු දිනක
කිසිදු ජාතියකටවත්, කිසිදු රටකටවත් දෝෂාරෝපණය කරන්නේ නැහැ. නමුත් දියුණු යැයි
සම්මත බොහෝ රටවල් නිරතුරුවම සංවර්ධනය වෙමින් පවතින තුන්වන ලෝකයේ රටවල් විවේචනය කොට
ඔවුනට තාඩන පීඩන එල්ල කරනවා.
අධිකරණය හමුවේ
වරදකරුවන් බවට පත්ව සිරදඩුවම් විදින රැදවුවන් සාමාන්‍ය මිනිසුන්ට වඩා තරමක් හෝ
බුද්ධිමත් යැයි සිතිය හැකියි. වරදක් කළත් ඔවුන් එය කිසියම් අරමුණක් ඉටු කර ගැනීම
සදහා සූක්ෂම අයුරින් ක්‍රියාකළ බව දැකිය හැකියි. මේ අය නිකරුණේ සිර ගත කර තබනවාට
වඩා ඔවුන් සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීමේ වැඩපිළිවෙලක් මේ වන විටත් අතිගරු
ජනාධිපතිතුමාගේ සංකල්ප යටතේ ක්‍රියාත්මක වනවා.
සිරිමාවෝ
බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයේදී සිරකරුවන්ගෙන් විධිමක් වැඩ කොටසක් ඉටුකර ගැනීමට වර්ෂ
1973දී පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වුවත් එය බොහෝ දෙනෙකුගේ හාස්‍යයට
ලක්වුණා. නමුත් එවැනි වැඩපිළිවෙලක් තව දුරටත් ඉදිරියට ගෙන යාමට රජයට අවශ්‍යයි. වරදකරුවන්ට
නීතිය හමුවේ දඩුවම් ලබාදිය යුතුයි. නමුත් සිරගතවූවන් සිරකරුවන් ලෙස සලකා ඔවුන්
සමාජයෙන් කොන්කිරීම නිවරැදි නැහැ. ඔවුන්ට අප රටේ සංවර්ධන කටයුතුවලදී විධිමත්
කාර්යයභාරයක් සිදු කළ හැකියි.
පුද්ගලයෙක්
වරදකරුවෙක් බවට පත්වන්නේ දුප්පත් කම නිසාම නොවෙයි. බලවතුන් විසින් පුද්ගලයන් වරදට
පොළඹවන අවස්ථා අප සමාජයේ නිරතුරුවම දක්නට ලැබෙනවා. කුඩු ජාවාරම මෙහෙවූ ධනවතුන්ගේ
ක්‍රියාකලාපය නිසා ඔහු වෙනුවට සිර දඩුවම් විදින්නේ වෙනත් පිරිස්ය. වරදට යොමු වන පුද්ගලයා ඉන් මුදා ගැනීමේ වැඩි
හැකියාවක් පවතින්නේ සමාජයටයි. පුද්ගලයෙක් වරදකරුවෙක් බවට අධිකරණය තීරණය කළ විට ඔහු
පුනරුත්තාපනය කිරීමේ හැකියව රජය සතුයි. නමුත් ඔහු වරදට යොමුවීමට හේතුව පිළිබදව
සොයා බැලීමේ හැකියට තිබෙන්නේ ඔහු ජීවත්වන සමාජයටයි.
වත්මන් සමාජය සාරධර්මානුකූලව හැඩහැස්වීම සදහා
රජය විශාල මෙහෙවරක් ඉටු කරනවා. ඒ නිසාම අප සමාජයේ මේ වන විට අපරාධ සිදුවීමේ ප්‍රතිශතය
පහළ ගොස් තිබෙනවා. නමුත් ඇතැම් බලවේග නිරතුරුවම උත්සහ කරන්නේ ශ්‍රී ලංකාවේ අපරාධ
රැල්ලක් ක්‍රියාත්මක වන බව පෙන්වීමටයි. ඔවුන් මෙරට මානව හිමිකම් උල්ලංඝනය වන බවට
නිතරම චෝදනා කොට මෙරට පරිපාලනයට ඇගිලි ගසන බව පැහැදිලිවම දක්නට ලැබෙනවා. ඉරාකය,
ඊජීප්තුව, ලිබියාව වැනි රටවල යුද ගැටුම් නිර්මාණය කර එම රටවල් දේශපාලනික වශයෙන්
අරාජිකත්වයට පත් කළේ මෙවැනි කුමන්ත්‍රණ නිසයි.
ශ්‍රී ලංකාවට
එරෙහිව මේ දක්නට ලැබෙන්නේ හුදකලා කුමන්ත්‍රණයක් නොවෙයි.
ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය
වරාය අරාජික කිරීමෙන් ඉන්දියාටව සෘජු ප්‍රහාරයක් එල්ලකොට එම රට දෙකඩ කළ හැකි බව වර්ෂ
1959දී ඉන්දීය විද්වතෙකු වන ක්‍රිෂ්ණ මෙනන් මහතා, පවසා තිබෙනවා. ඒ ප්‍රකාශය අදටත්
සත්‍යයක් ලෙස පිළිගත හැකියි. සෝටියට් සමූහාණ්ඩුව කොටස් වලට වෙන් කළ අයුරින්ම
ඉන්දියාව කැබලි කිරීමට ඇතැම් බලවතුන් මාන බලමින් සිටිනවා. ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු
කරන බලවේග ඉන් අනතුරුව චෙන්නායි නුවරට රිංගා ඉන්දියාව යටත් කිරීමට උපායශ්‍රීලීව ක්‍රියාකරන
බව පෙනෙන්නට තිබෙන බව අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න මැතිතුමා වැඩිදුරටත් පැවසීය.
බව අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න මැතිතුමා එහදී
වැඩිදුරටත් පැවසීය.
පුනරුත්ථාපන හා
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මැතිතුමා එහිදී මෙසේ පැවසීය.
නගරයේ තිබෙන
බන්ධනාගාර නගරයෙන් ඉවත්කර ජනාකීර්ණ නොවන ප්‍රදේශවල ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල යටතේ
බෝගම්බර බන්ධනාගාරයට සමගාමීව මීගමුව, යාපනය, මාතර සහ ගාල්ල ප්‍රදේශවල බන්ධනාගාරද
ඉන් ඉවත් කිරීමට නියමිතයි. ලන්දේසි සහ
ඉංග්‍රීසි පාලකයන් තමන්ට පහසු පරිදි නගර මධ්‍යයේ මේ බන්ධනාගාර ඉදි කළා. වසර 193ක්
පැරණි මහනුවර රිමාන්ඩ් බන්ධනාගාරය ලෙස යොදා ගෙන තිබෙන්නේ ඇහැළේපොල මහ අධිකාරම්ගේ
නිල නිවසයි. ඔවුන් එහි 53දෙනෙකු මුලින්ම සිරගත කළා.
පෞරාණික
වටිනාකමින් සමන්විත මහනුවර රිමාන්ඩ් බන්ධනාගාරයේ සිරකරුවන් සියල්ලම අදින් පසු මේ
නව බන්ධනාගාරයට පැමිණෙනවා. ඒ අනුව රිමාන්ඩ් බන්ධනාගාරය ජාතික උරුමයන් පිළිබද අමාත්‍යංශයට
පවරාදී සංරක්ෂණය කිරීමට අප අපේක්ෂා කරනවා.
එදා විදේශිකයන්
ඉදි කළ බන්ධනාගාර ඒ අයුරින්ම අප භාවිත කරනවා. සිරකරුවන් පිළිබද ජාත්‍යන්තර
නිර්නායක අනුව ඔවුනට ප්‍රමාණවත් ඉඩ කඩක් මේ සිරමැදිරි වල නැහැ. ලොව කිසිදු රටක
සිරකරුවන්ට ඒ නිර්නායක අනුව ප්‍රමාණවත් ඉවක් ලබා දී නැහැ. නමුත් අද විවෘත කළ
දුම්බර නව බන්ධනාගාරයේ ප්‍රමාණවත් පහසුකම් රැසක් රැදවුවන් වෙනුවෙන් වෙන් කර ඇති
බවද සතුටින් සිහිපත් කළ යුතුයි. ගර්භනී කාන්තා රැදවුවන් වෙනුවෙන් විශේෂිත කාමර
සකස් කර තිබෙනවා. ළමුන් සිටින රැදවුවන්ලේ දරුවන් රැකබලා ගැනීම සදහා වෙනම ළදරු
පාසලක් සහ උයනකින්ද නව බන්ධනාගාරය සමන්විතයි.
සිරකරුවන්
සියල්ලෝම මනුෂ්‍යයෝය යන තේමාව ඔස්සේයි අප ක්‍රියාකරන්නේ. වසර 2011දී එක්ලක්ෂ දහඅට
දහසක පිරිසක් සිරගත කළා. ඉන් 40%ක් නිදහස්වී යළි වරදකරුවන් බවට පත්ව සිරගතවී
තිබෙනවා. බොහෝ දෙනෙක් චක්‍රාකාරව නිරතුරුවම වදරට පෙළඹී සිරගත වන බවයි දක්නට
ලැබෙන්නේ. ඇප මුදල් ගෙවීමට නොහැකිවීම, දඩ නොගෙවීම වැනි හේතු මත මාස දෙකක් වැනි
කෙටි කාලයක් සිරගතවූවෙක් පවා සිරමැදිරිවලින් නිදහස්ව පිවත්ව යන්නේ අපරාධ
විශේඥයයෙක් ලෙසයි. ඔහු සිර මැදිරියේදී විවිධ අපරාධකරුවන් ඇසුරු කිරීම නිසා
අත්දැකීම් රැසක් ලබා ගන්නවා.
මෙවැනි සුළු
සිදුවීම් හේතුවෙන් අපරාධ සීමා කිරීමේ හැකියට අවම මට්ටමකයි තිබෙන්නේ. මේ නිසා අක්‍රියව
පවතින ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව යළි සක්‍රීය කර සුළු වරදකරුවන් සමාජ මෙහෙවරෙහි
නිරත කරවීමට අප බලාපොරොත්තු වෙනවා. එපමණක් නොව අධ්‍යාපනය ලබමින් සිටියදී වරදකරුවන්
බවට පත්වන්නන්ගේ අධ්‍යාපනික කටයුතු අවසන් කිරීම සදහා රුපියල් මිලියන 19ක වියදමින්
වටරැක ප්‍රදේශයේ බන්ධනාගාර පාසලක් ඉදිකිරීමටද අප කටයුතු කළා.
ආණ්ඩුවට එරෙහිව
කැරළි ගැසූ සහ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ඇතුළුව පුනරුත්තාපනය කළ 12 000ක පිරිසෙන්
තුන්සිය හතළිස් එකක් හැර සෙසු අය මේ වන විට සමාජගත කිරීමට අපට හැකිවුණා. අධ්‍යාපනික
පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් 4000ක්ද උසස් පෙළ විභාගය සමත් 2000ක් ද
මේ වන විට සිරිගතව සිටිනවා. සිරගතවූවන්ගෙන් 60% අට සමත්. 40%ක් පමණ පහ සමත්. මේ සියල්ලන්ම
පුනරුත්තාපනය කර සමාජ ගත කිරීමේ වගකීම අප අමාත්‍යංශයට පැවරෙන බව පුනරුත්තාපන හා
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මැතිතුමා පැවසීය.
නව බන්ධනාගාරය
විවෘත කිරීමේ අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමා , පළාත්
ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මැතිතුමා,මහනුවර දිස්‍ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
දිළුම් අමුණුගම මැතිතුමා, පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ
ලේකම් ජී.එස්.විතානගේ මහතා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්.කොඩිප්පිලි
මහතා, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් කුමුදු කරුණාරත්න මහත්මිය, බෝගම්බර- දුම්බර
බන්ධනාගාර අධිකාරී තිස්ස ජයසිංහ මහතා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගීවූහ.
No comments:
Post a Comment