Friday, March 15, 2013

Kothmale Mahaweli Mahase Constraction - 2013.03.15



කොත්මලේ මහවැලි මහ සෑයේ ඉදිකිරීම් අවසන් කිරීම සදහා රුපියල් මිලියන 05ක මුදලක් පිරිනැමීම අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ විසුම්පාය අග්‍රාමාත්‍ය නිල නිවසේ දී සිදු කෙරිණ.
දිවංගත අමාත්‍ය ගාමිණි දිසානායක මැතිතුමාගේ සංකල්පයක් මත මෙම චෛත්‍යයේ ඉදිකිරීම් ආරම්භ වූ අතර, එහි පළමු අදියරේ ඉදිකිරීම් ‍මේ වනවිට නිමවෙමින් පවතී.
අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මගින් එහි ඉදිකිරීම් අවසන් කිරීම සදහා පාර්ලිමේන්තු අනුමැතිය ලැබී ඇත.  ඒ අනුව රුපියල් මිලියන 145 ක මුදලක් ‍චෛත්‍යය ඉදිකිරීම නිමකිරීම සදහා වෙන්කොට තිබේ.
කොත්මලේ මහවැලි මහ සෑයේ දෙවන සහ තෙවන අදියර ඉදකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර, මෙම වර්ෂයේ ඒ සදහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 15 කි.
බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ රුපියල් මිලියන 5 ක ප්‍රතිපාදන මත එම චෙක්පත විසුම්පාය අග්‍රාමාත්‍ය නිල නිවසේ දී අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මැතිතුමා අතින් මහවැලි සංස්කෘතික පදනමේ සභාපති, රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මැතිතුමා වෙත නිල වශයෙන් බාරදීම සිදු කෙරිණ.
මේ අවස්ථාවට රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මැතිතුමා, ශ්‍රීමා දිසානායක මැතිනිය, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ.බී.දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2013 මාර්තු මස 15 වෙනි දින.

No comments:

Post a Comment