Tuesday, March 12, 2013

2013.02.20 - Piyagetapela Drama-

අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක යහපත් ආකල්ප සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ නිෂ්පාදනය කළ "පියගැටපෙළ" ටෙලිනාට්‍ය මාලාව රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ දී විශේෂ ඇඟයීමට ලක්විය.

"යහපත් සිතක් - සවිමත් රටක්" යන තේමාව යටතේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ මෙහෙයවීමෙන් නිෂ්පාදනය වූ මෙම ටෙලිනාට්‍යය සඳහා ආර්ථික දායකත්වය, මානව ගුණදම් සහ යහපත් ආකල්ප වර්ධනය සඳහා වූ දායකත්වය වෙනුවෙන් එහිදී ජූරියේ විශේෂ ඇඟයීමට ලක්විය.

පියගැටපෙළ ටෙලිනාට්‍ය මාලාව වෙනුවෙන් රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ දී ලැබු‍ණු විශේෂ සම්මානය අග්‍රාමාත්‍ය ලේකම්, එස්. අමරසේකර මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා වෙත ලබාදුන් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

අතිරේක ලේකම්, එස්.එස්. මියනවල මහතා, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, එම්.එච්.ජී. බණ්ඩාර මහතා සහ සහකාර ලේකම්, එල්.ඒ.ජී. කෞශල්‍යා ජයසිංහ මහත්මිය ද මේ අවස්ථාවට සහභාගි වූහ.

2013 පෙබරවාරි මස 20 වන දින.

No comments:

Post a Comment