Tuesday, March 12, 2013

Hungary Speaker of National assembly, Visit Prime minister in Wisumpaya 2013.02.03







ශ්‍රී ලංකාවට අන්තර් ජාතිකව එල්ලවන බලපෑම් සමනය කිරීමට, තම රට ඉදිරිපත්වන බව හංගේරියානු කතානායක H.E. Laszlo Veress මහතා පවසයි. ඒ සහා දැනටමත් යුරෝපා සංගමය ද දැනුවත් කොට අතර මැදියෙකු ලෙස ක්‍රියාකරන බව හංගේරියානු කතානායක H.E. Laszlo Veress මහතා කියා සිටියි.
ශ්‍රි ලංකාවට මෑතක සිට බටහිර බලපෑම් එල්ල වන බව දක්නට ලැබෙන බවත්, ඒ බලපෑම් නිරාකරණය කර ගැනීම සහා සිය රටට මැදිහත්වීමට හැකියාව ලැබෙන බවත් ඒ මහතා කීවේය.
හංගේරියානු කතානායකවරයා සහ හංගේරියානු තානාපති H.E.Dr.Laszlo Kover මහතා ඇතුළු විදේශීය දූත පිරිසක් අද විසුම්පාය අග්‍රාමාත්‍ය නිල නිවසේදී අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න මැතිතුමා හමුවූහ.
එහිදී  හංගේරියානු කතානායකවරයා අග්‍රාමාත්‍යතුමා හමුවේ කරණු දක්වමින්, ශ්‍රී ලංකාවේ පැවැති ත්‍රස්තවාදී තර්ජනවලින් අනතුරුව රට සංවර්ධනයේ මාවතට යොමුවී සිටින බවත් රට අත් කරගෙන ඇති දියුණුව නිසා මෙරට පාලනයට විදේශයන්ගෙන් බලපෑම් එල්ලවී තිබෙන බවත් පැවසීය.
ආසියාවට පමණක් සීමා නොවී ලොව දියුණු රටක් බවට පත්වීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබී ඇතැයි කී කතානායකවරයා, ඒ සහා හංගේරියාවේ සහය ලබා දෙන බව කියා සිටියේය. මෙරටට මිලියනයක පමණ සංචාරයකන් වර්ෂයකදී පැමිණෙන බැවින් හංගේරියවෙන් ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ අවස්ථාව ඉහළ නැංවීමට පියවර ගන්නා බව කී කතානායකවරයා ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර සෘජු ගුවන් සේවාවක් ආරම්භ කිරීමට පියවර ගන්නා බවද කීවේය.
ශ්‍රී ලංකාවේ පරිසර ව්‍යාපෘති, විදුලි සහ ජල සම්පාදන වැඩසටහන් සහා හංගේරියානු රජයේ සහයෝගය ලබදී අති බවද ඒ මහතා කීවේය. එමෙන්ම ඉන්දියාව, ඉන්දුනීසියාව, චීනය වැනි ආසියාවේ රටවල් සමග හංගේරියාව සමීප සහයෝගයෙන් කටයුතු කරන බවකී කතානායකවරයා ශ්‍රී ලංකාව සමග ද එවැනි මිත්‍රත්වයක් පවත්වා ගැනීමට අපේක්ෂාකරන බව කීවේය.






තිස් වසරක් තිස්සේ පැවැති යුද්ධය සදහටම නිමා කරමින් සාමකාමී වාතාවරණයක් නිර්මාණය කළ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, රටේ සංවර්ධනය සහා යෝධ පියවරක් තැබූ බව, එම විදේශීය දූත පිරිස හමුවේ අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න මැතිතුමා පැවසීය.
සිංහළ, දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් සමූහ වශයෙන් ඝාතනයට ලක්වද්දී නිහඩවූ ජාත්‍යන්තරය මේ වන විට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වන බව පවසමින් අපේ රාජ්‍ය පාලනයට එරෙහිව ක්‍රියාකරමින් සිටින බව අග්‍රාමාත්‍යතුමා පැවසීය. එදා මානව හිමිකම් උල්ලංඝනය වූ විට නිහඩවූ එම මානව හිමිකම් සංවිධාන වර්තමානයේ ශ්‍රී ලංකාවට බලපෑම් කිරීම කිසිසේත්ම තාර්කික නොවන බව ද අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේය.

යුද්ධයෙන් පසු ගතවූ තුන් වසර තුළ සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් කළ බවත් එහි ප්‍රතිඵල නුදුරේදීම ජනතාවට ලබාදීමට රජය කටයුතු කරන බවද අග්‍රාමාත්‍යතුමා පැවසීය. රටක් දියුණු වන විට ඊට බලපෑම් කිරිමට විවිධ පාර්ශවයන් කටයුතු කිරීම සාධාරණ නොවන බව තමන් පැහැදිලිවම දන්නා බවකී අග්‍රාමාත්‍යතුමා බටහිර බලපෑම්වලට මුහුණ දිම සහා ශ්‍රී ලංකාව නිරතුරුවම සූදානම් යැයිද කීවේය.

1936-45 ලෝක යුද්ධයෙන් අනතුරුව දියුණු වන සහ හානියට පත් රටවල‍ට විවිධ බලපෑම් එල්ලවූ බව කී අග්‍රාමාත්‍යතුමා යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් විවිධ බලපෑම් එල්ලවන බව පැහැදිලිවම දක්නට ලැබෙනවා යැයි සදහන් කළේය.

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවත්නා රටකට එල්ලවන බටහිර බලපෑම් මැඩලීම සහා හංගේරියාව වැනි රටක සහයෝගය ලැබීම පිළීබදව තමන් සතුටට පත් වන බව ද අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න මැතිතුමා එම දූත පිරිස හමුවේ පැවසීය.
මේ අවස්ථාවට හංගේරියානු තානාපති කාර්යාලයේ නිලධාරීහුඇතුළු පිරිසක් සහභාගී වූහ.

2013 පෙබරවාරි මස 02 වන දින

No comments:

Post a Comment