Tuesday, March 12, 2013

PM Visit Parliment 2013.01.09

ගරු අග්‍රාමාත්‍යතුමා සය මසකට පසු පාර්ලිමේන්තු සැසිවාරයට ඊයේ (08) පස්වරුවේ සහභාගි විය.  "දිවිනැගුම" පනත සම්මත කිරීමේ අවස්ථාවට ඡන්දය ප්‍රකාශ කිරීම සහා ගරු අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවට පැමිණියේය.

ගරු අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ දී පිළිගනු ලැබූවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.  මේ අවස්ථාවට අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න, තිස්ස කරල්ලියද්ද සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අර්ල් ගුණසේකර, සිරිපාල ගම්ලත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ෂෙහාන් සේමසිංහ, දිලුම් අමුණුගම යන මහත්වරු ද එක්වූහ. නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද ඊට සහභාගි විය. 

2013 ජනවාරි මස 09 දින.

No comments:

Post a Comment