Sunday, April 14, 2013

Prime Minister Visit Asgiri Malwathu Mahanayakas. In Kandy 2013.04.14





උදාවූ නව වසරේ මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි මහ නායක හිමිපාණනන් බැහැ දැක උන්වහන්සේලාට සුභ පැතීම  සදහා අග්‍රාමාත්‍ය දි.මූ,ජයරත්න මැතිතුමා එම මහා විහාරයන් වෙත ඉකුත්දා (13) පස්වරුවේ පැමිණියේය.

එහිදී අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත හිමිපාණන් වහන්සේ අස්ගිරි මහ විහාරයේදී බැහැදුටු අග්‍රාමාත්‍යතුමා උන්වහන්සේ සමග සුදහ පිළිසදරක නිරත විය. අනතුරුව අස්ගිරි පාර්ශවයේ අනුනායක, මහියංගණය රජ මහ විහාරාධිපති පූජ්‍ය ගලගම අත්ථදස්සි හිමියන් බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා බැලූ අග්‍රාමාත්‍යතුමා අනතරුව මල්වතු මහ  විහාරයට පැමිණියේය.

මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණනන් සමග සුහද පිළිසදරක නිරතවූ අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න මැතිතුමා මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තේය.

ඉන් අනතුරුව මැණික්හින්න, හුරිකඩුව, විද්‍යාසාගර පිරිවෙන් විහාරයට පැමිණි එතුමා එහිදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමිපාණන් වහන්සේ බැහැදැක නව වසර වෙනුවෙන් උන්වහන්සේට සුභ පැතුම් එක් කළේය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් නිතීඥ අනුරාධ ලංකා ජයරත්න මහතාද එක්විය.

 

ඡායාරූප -

උදාවූ නව වසරේ මහ නායක හිමිවරුන් බැහැ දැකීම සදහා පැමිණි අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න මැතිතුමා මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ සහ අස්ගිරි මහ විහාරයේදී එම පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත හිමිපාණන් වහන්සේ බැහැදුටු අවස්ථා ඡායාරූපවල දැක්වේ.

 

No comments:

Post a Comment