Monday, April 22, 2013

PM Speech ( Udapalatha Provincial Coordinating meeting) 2013.04.22



මහනුවර දිස්ත්‍රිකයේ ප්‍රදේශ කිහිපයක සිදුව තිබෙන කුඹුරු ඉඩම් අනවසරයෙන් ගොඩකිරීම් පිළිබව කඩිනමින් සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය  ආචාර්ය දි.මූ.ජයරත්න මැතිතුමා   දැනුම් දුන්නේය.
උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී කුඹුරු ඉඩම් ගොඩ කිරීම පිළිබව සාකච්ඡා කෙරුණු අතර, එහිදී අගමැතිතුමා මේ පිළිබව සොයා බලන ලෙස උඩපළාත ප්‍රාදේශීය ලේකම්, නිමල් බාලසූරිය මහතා ඇතුලු එහි සිටි නිලධාරීන්ට දන්වා සිටියේය.
උඩපළාත සහ ගඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශවල කුඹුරු ඉඩම් ගොඩ කර තිබෙනු තමන් දුටු බව පැවසූ අගමැතිතුමා එය වත්මන් නීතිය හමුවේ බලවත් වරදක් වන බව කීවේය.
කුඹුරු ඉඩම් ගොඩ කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කොට ඇති මේ වකවානුවේ එවැන්නක් කිසිසේත්ම සිදුනොවිය යුතු යැයි අග්‍රාමාත්‍යතුමා එහිදී පැවසීය. මේ පිළිබදව කරුණු සොයා බලා අදාළ පොලිස් ස්ථානයට පැමිණිලි කිරීම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ වගකීමකි. කුඹුරු ගොඩ කිරීම පිළිබදව පොලීසියට පැමිණිලි කරන ලෙස අදාල නිලධාරියාට අවස්ථා කිහිපයකදීම දන්වා ඇතත් ඔහු එම වගකීම දිගින් දිගටම පැහැර ඇතැයි ද එම නිලධාරීන් මේ වන විට ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී නොවන බවද මෙහිදී අවධාරණය විය.
ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් නොමැතිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් පොලීසියට නොමැති බැවින් කුඹුරු ඉඩම් ගොඩ කිරීම පිළිබද ගැටලුවට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරිවරයා කඩිනමින් මැදිහත් විය යුතු බව අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න මැතිතුමා එහිදී සදහන් කළේය.
මහනුවර දිස්ත්‍රිකයේ කුඹුරු ඉඩම් ගොඩකර තිබීම සහ අදාල නිලධාරීන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී නොවීම පිළිබදව අදාල අංශවෙත ලිඛිතව දැනුම් දී ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න මැතිතුමා ප්‍රාදේශීය ලේකම් වරයා ඇතුලු සම්බන්ධීකරණ කමිටුවේ නිලධාරීන්ට එහිදී දැනුම් දුන්නේය.
මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නිශ්ශංක ෙහ්රත් මැතිතුමා, අග්‍රාමාත්‍ය ෙපෟද්ගලික ෙල්කම් නිතීඥ අනුරාධ ලංකා ජයරත්න මහතා, උඩපළාත ප්‍රාෙද්ශීස සභාෙව් සභාපති ඩී.ජී.ගුණෙස්න මැතිතුමා, උඩපළාත ප්‍රාෙද්ශීය ෙල්කම් නිමල් බාලසූරිය මහතා අැතුලු රජ්‍ය නිලධාරීන් පිරිසක් ෙම් අවස්ථාවට සහභාගීවූහ.

No comments:

Post a Comment