Monday, April 22, 2013

Delthota Little weli Muththumari Amman Kovil – Theru Pujr 2013.04.23



අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් නිතීඥ අනුරාධ ලංකා ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ මංගල්‍ය සහා සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.
එහිදී නිතීඥ අනුරාධ ලංකා ජයරත්න මහතා කෝවිලේ පූජාවට එක්වූ අයුරු ඡයාරූපයේ දැක්වේ. මධ්‍යම පළාත් සභා මන්ත්‍රී මහින්ද අබේකෝන් මහතා ද ප්‍රධාන පූජක ආර්. ජගන් මහතා ද මේ අසල සිටියි.


PM Sectary Mr. S. Amarasekara’s Mother Passed way 2013.04.21

මිද්දෙණිය, දෙල්ගහවත්තේ පදිංචි අභාවප්‍රාප්ත කංකානම්ගේ කිරිහාමි මහත්මියගේ දේහයට අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මූ.ජයරත්න මැතිතුමා (21) අවසන් ගෞරව දැක්වීය.
කංකානම්ගේ කිරිහාමි මහත්මිය, අග්‍රාමාත්‍ය ලේකම් එස්.අමරසේකර මහතාගේ ඇතුලු දූදරුවන් පහළොස් දෙනෙකුගේ මෑණියන් වේ.
දේහය පිළිබද අවසන් කටයුතු (22) පස්වරුවේ මිද්දෙණිය, දෙල්ගහවත්ත පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ.
ඇයගේ දේහයට අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මූ.ජයරත්න මැතිතුමා අවසන් ගෞරව පුදකළ අයුරු ඡායාරූපයේ දැක්වේ. අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා ද අසල සිටියි.
2013 අප්‍රේල් මස 21 වන දින

Weeraketiya, Ven. Ketigoda Saddananda thero. 2013.04.21





අපවත්වී වදාළ වීරකැටිය, කප්පෙටිය පුරාණ විහාර විහාරාධිපති, හම්බන්තොට දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කැටිගොඩ සද්ධානන්ද හිමිපාණන් වහන්සේගේ දේහයට අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මූ.ජයරත්න මැතිතුමා අවසන් ගෞරව පුද කළේය.
කැප්පෙටිය පුරාණ විහාරාධිපති සහ සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මාතර වැල්ලබඩපත්තුව ඇතුලු හම්බන්තොට දිසාවේ ප්‍රධාන සංඝනායක  "කීර්ති ශ්‍රී දම්මිට දින්න රතනපාල  " පූජ්‍ය කැටිගොඩ සද්ධානන්ද හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය (21) වීරකැටිය රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී සිදුකෙරිණි.
වීරකැටිය, කැප්පෙටිය පුරාණ විහාරයේ දී  පූජ්‍ය කැටිගොඩ සද්ධානන්ද හිමිපාණන් වහන්සේගේ දේහයට අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මූ.ජයරත්න මැතිතුමා අවසන් ගෞරව පුද කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
කැප්පෙටිය පුරාණ විහාර විහාරාධිකාරී පූජ්‍ය පස්ගොඩ  ඤ්ඤාලෝක හිමියන්,  හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  වී.කේ.ඉන්දික මැතිතුමා ජානක බණ්ඩාර මැතිතුමා, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් නිතීඥ අනුරාධ ලංකා ජයරත්න මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
2013 අ‌ප්‍රේල් මස 21 වන දින.




Sri lanka to Malaysia Temple sending Karaduwa (PM) in Wisumpaya 2013.04.22



කඹුරුගමුව, ඇත්කඳ රජමහා විහාරයෙන් මැලේසියාවට පරිත්‍යාග කළ සර්වඥ ධාතූන් වහන්සේ සහිත කරඬුව මැලේසියාවේ පිනෑන් හී බටර්වෝත් බෞද්ධ මධ්‍යස්ථානයට භාරදීම අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා අතින් සිදුවිය.

"විසුම්පාය" අග්‍රාමාත්‍ය නිල නිවසේ දී මැලේසියාවේ පීනෑන් හී මහින්දාරාම විහාරයේ විහාරාධිපති, පූජ්‍ය ඇල්ගිරිය ඉන්දරතන හිමියන් වෙත සධාතුක කරඬුව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා භාරදුන් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

කඹුරුගමුව, ඇත්කඳ රජමහා විහාර විහාරාධිපති, පූජ්‍ය හික්ගොඩ ඥාණරතන හිමි, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් නියෝජ්‍ය පරිවේණාධිපති පූජ්‍ය නාවින්නේ සුගුණදම්ම හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද, ජනාධිපති ආගමික කටයුතු සම්බන්ධීකාරක ධර්මශ්‍රී තිලකවර්ධන මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.


PM Speech ( Udapalatha Provincial Coordinating meeting) 2013.04.22



මහනුවර දිස්ත්‍රිකයේ ප්‍රදේශ කිහිපයක සිදුව තිබෙන කුඹුරු ඉඩම් අනවසරයෙන් ගොඩකිරීම් පිළිබව කඩිනමින් සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය  ආචාර්ය දි.මූ.ජයරත්න මැතිතුමා   දැනුම් දුන්නේය.
උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී කුඹුරු ඉඩම් ගොඩ කිරීම පිළිබව සාකච්ඡා කෙරුණු අතර, එහිදී අගමැතිතුමා මේ පිළිබව සොයා බලන ලෙස උඩපළාත ප්‍රාදේශීය ලේකම්, නිමල් බාලසූරිය මහතා ඇතුලු එහි සිටි නිලධාරීන්ට දන්වා සිටියේය.
උඩපළාත සහ ගඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශවල කුඹුරු ඉඩම් ගොඩ කර තිබෙනු තමන් දුටු බව පැවසූ අගමැතිතුමා එය වත්මන් නීතිය හමුවේ බලවත් වරදක් වන බව කීවේය.
කුඹුරු ඉඩම් ගොඩ කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කොට ඇති මේ වකවානුවේ එවැන්නක් කිසිසේත්ම සිදුනොවිය යුතු යැයි අග්‍රාමාත්‍යතුමා එහිදී පැවසීය. මේ පිළිබදව කරුණු සොයා බලා අදාළ පොලිස් ස්ථානයට පැමිණිලි කිරීම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ වගකීමකි. කුඹුරු ගොඩ කිරීම පිළිබදව පොලීසියට පැමිණිලි කරන ලෙස අදාල නිලධාරියාට අවස්ථා කිහිපයකදීම දන්වා ඇතත් ඔහු එම වගකීම දිගින් දිගටම පැහැර ඇතැයි ද එම නිලධාරීන් මේ වන විට ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී නොවන බවද මෙහිදී අවධාරණය විය.
ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් නොමැතිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් පොලීසියට නොමැති බැවින් කුඹුරු ඉඩම් ගොඩ කිරීම පිළිබද ගැටලුවට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරිවරයා කඩිනමින් මැදිහත් විය යුතු බව අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න මැතිතුමා එහිදී සදහන් කළේය.
මහනුවර දිස්ත්‍රිකයේ කුඹුරු ඉඩම් ගොඩකර තිබීම සහ අදාල නිලධාරීන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී නොවීම පිළිබදව අදාල අංශවෙත ලිඛිතව දැනුම් දී ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න මැතිතුමා ප්‍රාදේශීය ලේකම් වරයා ඇතුලු සම්බන්ධීකරණ කමිටුවේ නිලධාරීන්ට එහිදී දැනුම් දුන්නේය.
මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නිශ්ශංක ෙහ්රත් මැතිතුමා, අග්‍රාමාත්‍ය ෙපෟද්ගලික ෙල්කම් නිතීඥ අනුරාධ ලංකා ජයරත්න මහතා, උඩපළාත ප්‍රාෙද්ශීස සභාෙව් සභාපති ඩී.ජී.ගුණෙස්න මැතිතුමා, උඩපළාත ප්‍රාෙද්ශීය ෙල්කම් නිමල් බාලසූරිය මහතා අැතුලු රජ්‍ය නිලධාරීන් පිරිසක් ෙම් අවස්ථාවට සහභාගීවූහ.