Thursday, May 9, 2013

The leader of Sri Lanka Mahajana party Ranjith Nawaratne has passed away. Visit Hon. PM today Kurunegala 2013.05.02


ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, අභාවප්‍රාප්ත රංජිත් නවරත්න මහතාගේ දේහයට (02) අග්‍රාමාත්‍ය, ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිස වර්ෂ 1984 දී ශ්‍රී ලංකා මහජන පක්ෂයට එක්වූ රංජිත් නවරත්න (65) මහතා, කලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසද කටයුතු කළේය.

කුරුණෑගල, වෑවල පිහිටි නිවසේ තැන්පත් කර තිබූ අභාවප්‍රාප්ත රංජිත් නවරත්න මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා අවසන් ගෞරව දැක්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ. රංජිත් නවරත්න මහතාගේ පුතණුවන් වන වයඹ පළාත් සභා මන්ත්‍රී, අසංක නවරත්න මහතා ද අසල සිටී.

May Day in Colombo with Hon. Prime minister 2013.05.01


ජාත්‍යන්තර කම්කරු දින සැමරුම නිමිත්තෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින රැළියට අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු.ජයරත්න මැතිතුමා (01) පස්වරුවේ එක්විය.
නෙළුම්පොකුණ, ආනන්ද කුමාරස්වාමී මාවත ඔස්සේ කම්බල් පිටිය දක්වා ගමන් ගත් පෙළපාලිය සම අග්‍රාමාත්‍යතුමා ගම්පොල ප්‍රදේශයේ ජනතාවට නායකත්වය දෙමින් ගමන් ගත්තේය.
ගම්පොල, මැතිවරණ බල ප්‍රදේශයේ සියලුම ශාඛා සමිති නියෝජනය කරමින් 5200කට අධික ජන පිරිසක් අග්‍රාමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් පැවැති එම රැළියට එක්ව සිටියහ. කම්කරු ජනයා වෙනුවෙන් නිරතුරුවම හඩ නැගූ අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මූ.ජයරත්න මැතිතුමා, කම්කරුවන් වෙනුවෙන් උද්යෝගයෙන් යුතුව එම රැළිය සදහා එක්විය.
අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් නිතීඥ අනුරාධ ලංකා ජයරත්න මහතා, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නිශ්ශංක හේරත් මැතිතුමා සහ ගම්පොල මැතිවරණ බල ප්‍රදේශයේ ජනතාව  ද එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින රැළිය සදහා එක්ව සිටියහ.
මැයි දින සැමරුමට සමගාමීව ගම්පොල මැතිවරණ බල ප්‍රදේශයේ ජනතාවට නායකත්වය දෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මූ.ජයරත්න මැතිතුමා 
(01) පස්වරුවේ කැම්බල් පිටිය දක්වා පෙළපාලියේ ගමන් කළ අයුරු




Philippine Ambassador H.E. H.E. Bahnarim Abu Guinomla Visit Hon. PM in Parliament 2013.04.29

සිය සේවා කාලය නිමාවට පත්කොට යළි සිය රට බලා පිටත්ව යන ශ්‍රී ලංකාවේ පිලිපීන තානාපති, H.E. Bahnarim Abu Guinomla මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා හමුවිය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේ දී මෙම හමුවීම සිදුවිය. ශ්‍රී ලංකාවේ පිලිපීන තානාපතිවරයා එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා සමග සුහද පිළිසඳරක යෙදුණු අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. 

Damsawiya International Buddhist Foundation. Web Site Opening 2013.04.23




දකුණු ආසියාව තුළ බුදු දහම ව්‍යාප්ත කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද දම්සවිය ජාත්‍යන්තර පදනමේ සමාරම්භක කටයුතු අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මූ.ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේදී ආරම්භ විය.
ජපානයේ එන්.පී.ඕ.(N.P.O.) ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය හා ඒකාබද්ධව මෙරට බුදු දහම ව්‍යාප්ත කොට තහවුරු කෙරෙන අතර  දකුණු ආසියාවේ බදු දහම ප්‍රචලිත කිරීමේ වැඩසටහනෙහි කේන්ද්‍රස්ථානය වශයෙන් එහිදී  ශ්‍රී ලංකාව පත් කර ගන්නා ලදි.
ජපානයේ එන්.පී.ඕ.(N.P.O.) ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය දැනට ආසියාවේ ඇතැම් රටවල අඩු ආදායම්ලාභී ජනයාට උදව් උපකාර කරන අතර එය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු දියත් කිරීමට සැලසුම් කර තිබේ. ඒ යටතේ ජපානය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආගමික සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.  නව වැඩසටහන තුළින්  ජපානයේ ආධාර සහිතව මෙරට බුදු දහම ව්‍යාප්ත කිරීමේ කාර්යයන් සිදු වන අතර විහාරස්ථාන සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතීන්ද ඊට සමගාමීව සැලසුම් කර තිබේ.
මෙහි සමාරම්භක ක්‍රියාවලිය අනුරාධපුර දිස්ත්‍රිකයෙන් ආරම්භ කර දීප ව්‍යාප්තව ඉටු කිරීමට නියමිතය.
මේ සදහා ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආගමික සුහදතාව පිළිබද ගිවිසුමක් අත්සන් කිරීම අද පෙරවරුවේ ජපානයේ එන්.පී.ඕ.(N.P.O.) ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ අධ්‍යක්ෂ සෙරියෝ කත්සුකී ( Seriyo Katsuki )මහතා සහ ශ්‍රී ලංකා දම්සවිය පදනමේ සභාපති තුෂාර ගුණතිලක මහතා අතර සිදු කෙරිණි.
අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු.ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහනේ නිල වෙබ් අඩවිය එළිදැක්වූ අතර අනතුරුව දම්සිළු සගරාවේ මංගල කලාපය අග්‍රාමාත්‍යතුමාට පිළිගැන්වීම ශ්‍රී ලංකා දම්සවිය පදනමේ සභාපති තුෂාර ගුණතිලක මහතා අතින් සිදු කෙරිණි.
රජරට විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය පාතේගම ඤාණීස්සර හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් නිතීඥ අනුරාධ ලංකා ජයරත්න මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
ඡායාරූපය - දකුණු ආසියාවේ බුදු දහම ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙලේ නිල වෙබ් අඩවිය අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මූ.ජයරත්න මැතිතුමා අතින් එළිදැක්වූ අවස්ථාව. සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා, ශ්‍රී ලංකා දම්සවිය පදනමේ සභාපති තුෂාර ගුණතිලක මහතා ද මේ අසල සිටියි.
2013 අ‌ප්‍රේල් මස 23 වැනිදා





Thursday, May 2, 2013

The leader of Sri Lanka Mahajana party Ranjith Nawaratne has passed away. Visit Hon. PM today Kurunegala 2013.05.02





ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, අභාවප්‍රාප්ත රංජිත් නවරත්න මහතාගේ දේහයට අද (02) අග්‍රාමාත්‍ය, ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිස වර්ෂ 1984 දී ශ්‍රී ලංකා මහජන පක්ෂයට එක්වූ රංජිත් නවරත්න (65) මහතා, කලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසද කටයුතු කළේය.

කුරුණෑගල, වෑවල පිහිටි නිවසේ තැන්පත් කර තිබූ අභාවප්‍රාප්ත රංජිත් නවරත්න මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා අවසන් ගෞරව දැක්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ. රංජිත් නවරත්න මහතාගේ පුතණුවන් වන වයඹ පළාත් සභා මන්ත්‍රී, අසංක නවරත්න මහතා ද අසල සිටී.

2013 මැයි මස 02 වන දින.