Thursday, May 9, 2013

May Day in Colombo with Hon. Prime minister 2013.05.01


ජාත්‍යන්තර කම්කරු දින සැමරුම නිමිත්තෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින රැළියට අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු.ජයරත්න මැතිතුමා (01) පස්වරුවේ එක්විය.
නෙළුම්පොකුණ, ආනන්ද කුමාරස්වාමී මාවත ඔස්සේ කම්බල් පිටිය දක්වා ගමන් ගත් පෙළපාලිය සම අග්‍රාමාත්‍යතුමා ගම්පොල ප්‍රදේශයේ ජනතාවට නායකත්වය දෙමින් ගමන් ගත්තේය.
ගම්පොල, මැතිවරණ බල ප්‍රදේශයේ සියලුම ශාඛා සමිති නියෝජනය කරමින් 5200කට අධික ජන පිරිසක් අග්‍රාමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් පැවැති එම රැළියට එක්ව සිටියහ. කම්කරු ජනයා වෙනුවෙන් නිරතුරුවම හඩ නැගූ අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මූ.ජයරත්න මැතිතුමා, කම්කරුවන් වෙනුවෙන් උද්යෝගයෙන් යුතුව එම රැළිය සදහා එක්විය.
අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් නිතීඥ අනුරාධ ලංකා ජයරත්න මහතා, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නිශ්ශංක හේරත් මැතිතුමා සහ ගම්පොල මැතිවරණ බල ප්‍රදේශයේ ජනතාව  ද එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින රැළිය සදහා එක්ව සිටියහ.
මැයි දින සැමරුමට සමගාමීව ගම්පොල මැතිවරණ බල ප්‍රදේශයේ ජනතාවට නායකත්වය දෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මූ.ජයරත්න මැතිතුමා 
(01) පස්වරුවේ කැම්බල් පිටිය දක්වා පෙළපාලියේ ගමන් කළ අයුරු




No comments:

Post a Comment