Thursday, May 9, 2013

The leader of Sri Lanka Mahajana party Ranjith Nawaratne has passed away. Visit Hon. PM today Kurunegala 2013.05.02


ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, අභාවප්‍රාප්ත රංජිත් නවරත්න මහතාගේ දේහයට (02) අග්‍රාමාත්‍ය, ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිස වර්ෂ 1984 දී ශ්‍රී ලංකා මහජන පක්ෂයට එක්වූ රංජිත් නවරත්න (65) මහතා, කලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසද කටයුතු කළේය.

කුරුණෑගල, වෑවල පිහිටි නිවසේ තැන්පත් කර තිබූ අභාවප්‍රාප්ත රංජිත් නවරත්න මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා අවසන් ගෞරව දැක්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ. රංජිත් නවරත්න මහතාගේ පුතණුවන් වන වයඹ පළාත් සභා මන්ත්‍රී, අසංක නවරත්න මහතා ද අසල සිටී.

No comments:

Post a Comment