Thursday, May 9, 2013

Damsawiya International Buddhist Foundation. Web Site Opening 2013.04.23




දකුණු ආසියාව තුළ බුදු දහම ව්‍යාප්ත කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද දම්සවිය ජාත්‍යන්තර පදනමේ සමාරම්භක කටයුතු අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මූ.ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේදී ආරම්භ විය.
ජපානයේ එන්.පී.ඕ.(N.P.O.) ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය හා ඒකාබද්ධව මෙරට බුදු දහම ව්‍යාප්ත කොට තහවුරු කෙරෙන අතර  දකුණු ආසියාවේ බදු දහම ප්‍රචලිත කිරීමේ වැඩසටහනෙහි කේන්ද්‍රස්ථානය වශයෙන් එහිදී  ශ්‍රී ලංකාව පත් කර ගන්නා ලදි.
ජපානයේ එන්.පී.ඕ.(N.P.O.) ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය දැනට ආසියාවේ ඇතැම් රටවල අඩු ආදායම්ලාභී ජනයාට උදව් උපකාර කරන අතර එය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු දියත් කිරීමට සැලසුම් කර තිබේ. ඒ යටතේ ජපානය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආගමික සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.  නව වැඩසටහන තුළින්  ජපානයේ ආධාර සහිතව මෙරට බුදු දහම ව්‍යාප්ත කිරීමේ කාර්යයන් සිදු වන අතර විහාරස්ථාන සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතීන්ද ඊට සමගාමීව සැලසුම් කර තිබේ.
මෙහි සමාරම්භක ක්‍රියාවලිය අනුරාධපුර දිස්ත්‍රිකයෙන් ආරම්භ කර දීප ව්‍යාප්තව ඉටු කිරීමට නියමිතය.
මේ සදහා ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආගමික සුහදතාව පිළිබද ගිවිසුමක් අත්සන් කිරීම අද පෙරවරුවේ ජපානයේ එන්.පී.ඕ.(N.P.O.) ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ අධ්‍යක්ෂ සෙරියෝ කත්සුකී ( Seriyo Katsuki )මහතා සහ ශ්‍රී ලංකා දම්සවිය පදනමේ සභාපති තුෂාර ගුණතිලක මහතා අතර සිදු කෙරිණි.
අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු.ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහනේ නිල වෙබ් අඩවිය එළිදැක්වූ අතර අනතුරුව දම්සිළු සගරාවේ මංගල කලාපය අග්‍රාමාත්‍යතුමාට පිළිගැන්වීම ශ්‍රී ලංකා දම්සවිය පදනමේ සභාපති තුෂාර ගුණතිලක මහතා අතින් සිදු කෙරිණි.
රජරට විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය පාතේගම ඤාණීස්සර හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් නිතීඥ අනුරාධ ලංකා ජයරත්න මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
ඡායාරූපය - දකුණු ආසියාවේ බුදු දහම ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙලේ නිල වෙබ් අඩවිය අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මූ.ජයරත්න මැතිතුමා අතින් එළිදැක්වූ අවස්ථාව. සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා, ශ්‍රී ලංකා දම්සවිය පදනමේ සභාපති තුෂාර ගුණතිලක මහතා ද මේ අසල සිටියි.
2013 අ‌ප්‍රේල් මස 23 වැනිදා





No comments:

Post a Comment