Sunday, May 19, 2013

New 4 Stamp Launch for Wesak Festival, Hunupitiya Gangarama viharaya 2013.05.19






රාජ්‍ය වෙසක් සතිය නිමිත්තෙන් නව සමරු මුද්දර හතරක් නිකුත් කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මූ.ජයරත්න මැතිතුමාගේ සහභාගීත්වයෙන් ඉකුත්දා (18) කොළඹ, හුණුපිටිය
 ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී සිදු කෙරිණි.
සතර පෙර නිමිති සංකේතවත් කරමින් නිර්මාණය කරන ලද මෙම මුද්දර හතර බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් තැපැල් දෙපාර්තමේන්තුව සහ මුද්දර කාර්යංශය මගින් එළදැක්විණි. මීට සමගා‍මීව සමරු පත්‍රිකාවක් සහ මුල්දින කවරයක්ද රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් එළිදැක්විණි.
තැපැල්පති රෝහණ අභයරත්න මහතා, නව මුද්දර කවරය අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මූ.ජයරත්න මැතිතුමාට භාර දුන් අතර මුද්දර    නිකුත් කිරීම සංකේතවත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මූ.ජයරත්න මැතිතුමා, හුණුපිටිය ගංගාරාම විහාර විහාරාධිපති, කොළඹ නව කෝරළය ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගලබඩ ඥාණීස්සර හිමිපාණන් වහන්සේ වෙත එම මුද්දර පිළිගැන්වූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
පූජ්‍ය කිරින්දේ අස්සජී හිමියන් ඇතුලු මහා සංඝරත්නය, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්.කේ.බී.දිසානයක මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේම ගමගේ මහතා, අග්‍රාමාත්‍ය  කාර්යාලයේ සහකාර ලේකම් රෝහණ ද සිල්වා මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

2013 මැයි මස 19 වන දින




No comments:

Post a Comment