Thursday, June 6, 2013

Thailantha thero visit in Wisumpaya 2013.06.04



 
 
 
 
තායිලන්තයේදී පැවිදි දිවියට පත් තායිලන්ත ජාතික මෙහෙණින් වහන්සේ 150ක් විසුම්පාය අග්‍රාමාත්‍ය නිල නිවසේදී ආගමික වතාවත්වලට සහභාගී විය.
මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය දින එම මෙහෙණන් වහන්සේ පැවිදි දිවියට පත්ව ඉන්දියාවේ බරණැස සහ බුද්ධගයාව ඇතුලු තිලෝගුරු බුදු රාජාණන් වහන්සේගේ සුවිශේෂී පූජනීය ස්ථාන වන්දනා කිරීමෙන් අනතුරුව ඉකුත් 02වන දිනඋන්වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩම කළේය.
මෙහෙණන් වහන්සේලා සමග තායිලන්ත ගිහි පිරිසක්ද මේ සමග පැමිණි අතර එම පිරිස අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ, මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැද පුදා ගැනීමෙන් අනතුරුව විසුම්පාය අග්‍රාමාත්‍ය නිල නිවසට වැඩම කළේය.
එහිදී බෝධීන් වහන්සේ අභියස උන්වහන්සේලා විශේෂිත පූජාවකටද සහභාගීවූහ. අනතුරුව ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මූ.ජයරත්න මැතිතුමා විසින් උන්වහන්සේලා වෙත ගිලන් පස පූජාවක් සිදු කරන ලදි.
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට, අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න මැතිතුමා ප්‍රමුඛ රටට ආශිර්වාද කරමින්  එහිදී ද විශේෂ ආගමික වතාවත් සිදු කෙරිණි.
මේ අවස්ථාවට ජනාධීපති ආගමික කටයුතු සම්බන්ධීකාරක පූජ්‍ය ගලගම ධම්මරංසි හමි ප්‍රමුඛ සංඝරත්නය ද තායිලන්ත "ශික්ෂා බුද්ධවචාන අසූහාර දහසක්වූ ධර්ම සංගමයේ" මහාචාර්ය සුඩාන් නකෝන් මහතා, අග්‍රාමාත්‍ය ආර්යා අනුලා යාපා ජයරත්න මැතිණිය, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් නීතිඥ අනුරාධ ලංකා ජයරත්න මහතා, ජනාධිපති කාර්යාලයේ ආගමික සම්බන්ධීකාරක ඒ.එම්.රත්නායක මහතා  ඇතුලු පිරිසක් සහභාගී වූහ.
2013 ජූනි මස 04 වන දින.
 
 

No comments:

Post a Comment